නවතම පුවත්

මැදගොඩ සිද්ධ පත්තිනි දේවාලයේ වසර 400 කට වඩා පැරණි ඓතිහාසික ඉඹුල් ගස කඩා වැටිම ආසන්නයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අවිස්සාවේල්ල තල්දූව හන්දියෙන් වමට ඇති ගුරුගල්ල අමිතිරිගල හරහා කැලණි මිටියාවත ඔස්සේ ඇදී යන මාර්ගයේ අමිතිරිගලට පැමිණිවිට ගුරුගල්ල කැලණි ගග යාබදව පිහිටා තිබෙන මැදගොඩ පත්තනි දේවාලයේ වසර 400 ආසන්න ඉතිහාසයක් සහිත ඓතිහාසික ඉඹුල් ගස කඩා වැටීමට ආසන්න බව අපිට වාර්තා උනා. ඒ අනුව අප මැදගොඩ පත්තිනි දේවාලය වෙත ගොස් මේ සම්බන්ධයෙන් සොයා බලන්න තීරණය කල අතර පසුගියදා අපි මැදගොඩ පත්තිනි දේවාලය ගමන් කලා. ඒ අනුව අපට දැකගන්නට ලැබුණේ වට අඩි 30 කට ආසන්න ශ්‍රී ලංකාවේ මේ දුර්ලභ මේ විශාල ඉඹුල් ගස මේ වන විට කඩා වැටීමට ආසන්නව ඇති බවයි. මේ තත්වයට වහාම නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් සියවස් ගණනාවක් මුලුල්ලේ අපට උරුමව තිබූ  විශාල වෘක්ෂය අපට අහිමිව යා හැකිය.

මේ සම්බන්ධයෙන් අප කල විමර්ශණයේදී මැදගොඩ පත්තනි දේවාලයේ භාරකාරධූරය අජිත් බණ්ඩාර මහතා පැවසුවේ මෙම ඓතිහාසික වෘක්ෂය රැකගැනීම වගකියුතු බලධාරීන් සහ සියළුම දෙනාගේ සහය අපේක්ෂා කරන බවයි. ඒ පිලිබදව ආයාචනා කරන බවයි.

පසුගිය කාලය පුරාම වෘක්ෂලතා හා වන සම්පත් රැකගැනීමේ අවශ්‍යතාවය මතු කලද මේ ඓතිහාසික වසර 400 කට වඩා පැරණි වෘක්ෂය රැකගැනීම පිලිබදව පරිසරවේදීන් කණ්ඩායම්  වගකියුතු සංවිධාන ද මේ ගැන අවධානය යොමු නොවීම කණගාටුදායක කරුණුකි.  මෙවැනි අවස්ථාවක අපේ වගකීම වනුයේ අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ මැදගොඩ පත්තිනි දේවාල භූමියේ ඇති මේ ඉඹුල් ගස රැකගැනීම සදහා දායකත්වය සැපයීමයි.

මෙය රැකගැනීම සදහා පරිසරවේදීන් රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන සහ ඊට කැමැත්තක් දක්වන පිරිස් මේ සදහා සහභාගීවීම ඉතා වැදගත්වේ.

මැදගොඩ පත්තිනි දේවාලේ භාරකාර අජිත් බණ්ඩාර මහතා යෝධ ඉඹුල් ශාඛය අසල ඡායාරූපයේ දකුණු පසට ගස බරවී ඇත
මැදගොඩ පත්තිනි දේවාලේ භාරකාර අජිත් බණ්ඩාර මහතා යෝධ ඉඹුල් ශාඛය අසල ඡායාරූපයේ දකුණු පසට ගස බරවී ඇත
යෝධ ඉඹුල් ශාඛයේ මුල පුපුරා ඇති ආකාරය ඡායාරූපයේ වම්පස
යෝධ ඉඹුල් ශාඛයේ මුල පුපුරා ඇති ආකාරය ඡායාරූපයේ වම්පස
මැදගොඩ පත්තිනි දේවාලේ භාරකාර අජිත් බණ්ඩාර මහතා යෝධ ඉඹුල් ශාඛය අසල
මැදගොඩ පත්තිනි දේවාලේ භාරකාර අජිත් බණ්ඩාර මහතා යෝධ ඉඹුල් ශාඛය අසල
 ඉඹුල් ශාඛයේ ඉහළ දිරාගිය කොටස
ඉඹුල් ශාඛයේ ඉහළ දිරාගිය කොටස
දේවාල භූමියට පහල මාර්ගයේ සිට බැලූවිට ඉඹුල් ශාඛය වමට බරවී ඇති අකාරය
දේවාල භූමියට පහල මාර්ගයේ සිට බැලූවිට ඉඹුල් ශාඛය වමට බරවී ඇති අකාරය
දේවාල භූමියට පහල මාර්ගයේ සිට බැලූවිට ඉඹුල් ශාඛය වමට බරවී ඇති අකාරය
මැදගොඩ පත්තිනි දෙවොල
වසර ගණනාවකට පෙර ලිපියකට ලබාගත් ඉඹුල් ගසේ ඡායාරූපයක්

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට