නවතම පුවත්

මෛත්‍රි රතනහිමි පසුපස එලවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනතාවට අමාරු නිවැරදි අපේක්ෂකයා තෝරා ගැනීම උවද දේශපාලන පක්ෂවලට අමාරුවන්නේ අපේක්ෂකයන් තෝරා ගැනීමය.
පසුගියදා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් සුපිරි හෝටලයක දේශපාලන ආගිය කතා කතා කරමින් සිටියේය. ඒ වනවිට දේශපාලන කතාව ඇදී ආවේ සන්ධානයක් හා සුළු දේශපාලන පක්ෂ අතර සන්ධාන ගතවීම හා අවබෝධතා ගිවිසුම් ඇතිකරගන්නා ආකාරයයි.
පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තු හදන්න ගිහිං සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රිතුමා පපුව අමාරුව හැදිලා නවලෝකේ නැවැත්තුවා මතකනේ යැයි එක් මන්ත්‍රිවරයෙක් කීවේය.
ඔව් ඔව් ඒ සිද්ධිය වුණේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රිතුමා ගම්පහ අපෙක්ෂක ලැයිස්තුවට තමන්ගෙ අය ඉන්නම ඔන කියලා සටන් කරන්න ගිහිල්ලා නේ යැයි තවකෙක් කීහ.
පපුව අමාරුව හැදුන එකේ වාසිය ගිය සනත් නිශාන්තට එතන හිටියෙ සනත් නිශාන්ත නිසා මිනිහට අත්සන් කරන්න ලැබුණා යැයි මන්ත්‍රිවරයෙක් කීවේය.
ඔය මධ්‍ය පළාතේ ආණ්ඩුකාරවරියක් වෙලා හිටපු අර සාත්තර කියන නිලුකා ඒකනායකට කියලා අපෙක්ෂකධූරයක ඉඩක් තියාගෙන හිටියා. ඒයා අන්තිම මොහොත ඉල්ලන්න බැහැ කියලා කිව්වා. ඒකයි ඔය ප්‍රශ්නෙ ඇතිවුණේ කතාව අසා සිටි මන්ත්‍රිවරයා කීවේය.
ඔක නෙමෙයි හොදම කතාව ඊට කලින් පාරක සුසිල් වගේ ලේකම්ම නේ මේකට අහුවෙන්නෙ. මෛත්‍රිපාල සිරිසේන තමයි ඒ වෙලාවේ පක්ෂෙ අපේක්ෂක ලැයිස්තුව හැදුවේ. රතන හාමුදුරුවො ඇවිත් ඉල්ලීම් කිහිපයක් කරන්න ගත්තා. මෛත්‍රි ළග තිබ්බ වීදුරුව පොළොවෙ ගහලා රතන හාමුදුරුවො පිටිපස්සෙ එලවන්න ගත්තා. රතන හාමුදුරුවොත් පස්ස නොබලා දුවන්න වුණා. ඒ වගේ රස කතා අපේක්ෂකවරු දානවෙලාවට වෙනවා යැයි මන්ත්‍රිවරයා පැහැදිලි කළේය.
මේ කතාබහ අවසන් වුයේ දැන් ඊළගපාර මහ මැතිවරණයේදී මොනවයින් මොනවා වේවිද දන්නෙ නෑ. හැබැයි මේ වගේ රස කතා ගොඩක් වෙන්න පුළුවන් යැයි කියැමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්