බ්‍රිතාන්‍යයේ Condé Nast Traveller ජාත්‍යන්තර සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංචාරක සම්මාන ප්‍රදානයේදී . ලොව සංචාරය කිරීමට වඩාත්ම සුදුසු රටවල් පහ අතරට එක්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත .
අටලක්ෂයක් පමණ වන තම පාඨක පිරිස් යොදාගනිමින් සිදුකල මතවිමසුමකට අනුව මෙම සම්මාන ලබාදීම සිදුකර ඇති අතර එහිදී ලොව සංචාරය සඳහා මේ වනවිට සුදුසුම රට ලෙස අභ්තර ජනතා කැමැත්ත හිමිව ඇත්තේ පෘතුගාලයටයි . දෙවන ස්ථානය නවසීලන්තයටත් , තෙවැනි තැන ජපානයටත් හිමිව ඇත. සිව්වන ස්ථානය මොරෝක්කොවට හිමිව ඇති අතර ශ්‍රී ලංකාව ලොව සංචාරයට සුදුසුම රටවල් අතර පස්වන ස්ථානයට හිමිකම් කියා ඇත .
Readers’ Choice Awards ලෙස සඟරාව විසින් නම් කර ඇති මෙම සම්මාන ප්‍රදානයට අදාළ මත විමසුම් , මෙම 2021 වසරේ අවසන් මස කිහිපය තුල සිදුකර ඇති අතර ඒ අනුව , ඉදිරි වසරේ ලොව සංචාරක ආකර්ෂණය ඉහලින්ම ලැබෙන රටවල් පහ අතරටද ශ්‍රී ලංකාව එක්වනු ඇති බව Condé Nast Traveller සඟරාවේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂක ඩිවියා තානි මහත්මිය සඳහන් කර ඇත .
මෙම සම්මාන ප්‍රදානයට අදාළ සම්පූර්ණ ලිපිය