නවතම පුවත්

ලෝකයේ අඩුම වැටුප් දෙන්නේ ලංකාවේ

අසංක

අසංක

ලොව පුරා රටවල 2023 වසර වනවිට වැටුප් පිළිබඳ සංසන්දනාත්මක විග්‍රයක් ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් විසින් වි‍ශ්ලේෂණය කර එළිදක්වා තිබේ.

එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද? යන්න විමසීම වටී.

CEOWORLD සඟරාව විසින් මෙම සමීක්ෂණය කර ඇත්තේ පූර්ණ කාලීන සේවකයෙකු සඳහා සාමාන්‍ය දළ මාසික වැටුප සළකා බලමිනි. ලොව පුරා සාමාන්‍ය මාසික ශුද්ධ වැටුප (බදුවලින් පසු) (වැටුප් සහ මූල්‍යකරණ) දෙස සළකා බලා මෙම සමීක්ෂණය කර ඇත.

ධනවත්ම සහ දුප්පත්ම රටවල ආදායම සංසන්දනය කර ඇත්තේ ඒ අනුවයි.

එම සඟරාවට අනුව ලෝකයේ කුඩාම මාසික වැටුපක් ගෙවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ය.

මාසික වැටුපේ සාමාන්‍යය අනුව ලොව වැඩිම වැටුප් ලබන රාජ්‍යයේ සිට අඩුම වැටුප් ලබන රට දක්වා සකස් කරන ලද රටවල් 105කින් මෙම ලැයිස්තුව සමන්විතය.

සමීක්ෂණයට අනුව මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ අඩුම වැටුප් ලබන රටක් ලෙස ලැයිස්තුවේ අවසාන රට ලෙස ය.

එම ලැයිස්තුවට අනුව මෙරට තුළ සාමාන්‍ය දළ මාසික වැටුප අමෙරිකානු ඩොලර් 143.62කි.

ලොව වැඩිම මාසික වැටුප් සාමාන්‍ය වන අමෙරිකානු ඩොලර් 6142.1 ක වැටුපක් ලැබෙන්නේ ස්විස්ටර්ලන්තයේ ය.

අසල්වැසි ඉන්දියාව මෙම ලැයිස්තුවේ 55 වැනි ස්ථානයේ සිටින්නේ මාසික වැටුප් සාමාන්‍යය අමෙරිකානු ඩොලර් 718.38ක වැටුපක් ලබන්නන් සිටින රට ලෙස ය.

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!