නවතම පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ලිපිලේඛන CID පරීක්ෂාවට

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ලිපි ලේඛන අද දැඩි පරීක්ෂාවකට ලක් කළේය.

ඒ ව්‍යාජ ලේඛන ඉදිරිපත්කරමින් ක්‍රමවේදයෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නැමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට වෙත සපයා වංචා කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනයට අදාලවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක් වන සොලමන් වශිහරන්, එහි සැපයුම් අංශයේ ගණකාධිකාරී නිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් වසන්ත කුමාර යන සිව් දෙනා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත්තේය.

මෙම සැකකරුවන් සිව් දෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන්කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි 05ක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භකල බවය.

ඊට අදාලව හදුනාගත් පුද්ගලයින් 13 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම්කර ඇති බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට