ආසාදිතයින් සිව්දෙනෙකු අද (30) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 653 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම රෝගීන් සිව්දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර ඔවුන් සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
මේ වන විට 507 දෙනෙකු නෙවාසිකව ප්‍රතිකාර ලබයි.
අද (30) දිනයේ සුවය ලැබු රෝගීන් තිදෙනෙකු රෝහලෙන් පිටත්ව ගිය අතර 139 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත.
ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ලගයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.
මේ අතර බස්නාහිරට හා පුත්තලමට හැර සෙසු දිස්ත්‍රික් 21 සඳහා අද (30) රාත්‍රි 8ට යළි ඇඳිරිනීතිය පැනවීමත් සමග මුලු දිවයිනටම ලබන 4 වැනිදා පෙරවරු 5 තෙක් අඛණ්ඩව ඇඳිරිනීතිය පැනවේ.