අයවැය දෙවනි වර කියවීම සම්මතයි

Picture of අසංක

අසංක

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබී තිබුණි. විපක්ෂව ලැබුණේ ඡන්ද 77ක් පමණි.

අයවැය 3 වැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා පස්වරු 6ට පැවැත්වේ.