පැතුම් වික්‍රමරත්න
වැඩි පිරිසකට ප්‍රතිකාර හා පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට පරිවර්ථනය කිරීමට රජය තීරණය කර ඇත .
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවති කොවිඩ් මර්දන කාර්ය සාධන ක්‍රියාකාරි සමාලෝචන කමිටුවේදී මෙම තීරණයට එළැඹි බව .සෞඛ්‍ය අමත්‍යාංශ්‍ය නිකුත් කළ නිවේදනයක දැක්වේ .
නව මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කරන ලෙසත් අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල්වලින් ලබා ගැනීම සම්බන්ධයෙන් කමිටුවේදී සාකච්ඡා වී ඇත .
දෛනිකව 500 – 600 ත් අතර ප්‍රමාණයකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බැවින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන කඩිනමින් සැකසීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමුවී ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.