ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලීමක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඇල්පිටිය ප්‍රදේශයේ ඡන්ද දායකයින් තිදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියායි.
ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා දින නියම කිරීම කර ඇත්තේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවැත්වීමකින් තොරව බව පෙත්සමෙන් පවසා ඇත. 2017 වසරේ කැඳවනු ලැබූ නාම යෝජනා පදනම් කරගෙන අදාළ මැතිවරණය නැවත පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බව පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.