ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මහබැංකූ බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමූහ ව්‍යාපාර හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
ඊයේ (05) පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇතැයි වාර්තා විය.
මෙම මත්පැන් නිෂ්පාදන සමාගමේ කටයුතු 2018 සිට අත්හිටුවා තිබූ අතර පසුගිය සතියේදී නිෂ්පාදන ඇරඹීමට යළි බලපත්‍රය ලබාදී තිබුණේ බදු මුදල් හා ණය මුදල් අයකරගැනීම වෙනුවෙනි.