ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් මිලදී ගනී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක තොගයක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙ. ඒ අනුව ඩීසල් තොගය ලබාදීමට ඉන්දියන් තෙල් සමාගම එකඟතාවය පළ කර ඇත.

මේ වනවිටත් එම සමාගමෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් හා පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා මූලික වශයෙන් බොරතෙල් බැරල් හාර ලක්ෂ 50,000 ක් සපයා ගැනීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙ. ඒ, සයිප්‍රසයේ සමාගමකින්. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා එලඹෙන ජූලි මාසය තෙක් බොරතෙල් සපයා ගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව බලශක්ති අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

මෙලෙස සයිප්‍රසයෙන් බොරතෙල් මිලදී ගැණෙන්නේ ඉන් පසු අවශ්‍යතා සඳහායි. දින 180 ක ණය පදනම මත බොරතෙල් ලබා ගැනීමටයි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූ යෝජනාවේ දැක්වෙන්නේ.