පැතුම් වික්‍රමරත්න
ඉන්දීය නාවික හමුදාව ඊයේ (17) ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කර සිටී .
.එවැනි කිසිදු සිදුවීමක් සිදු වූ බවට වාර්තා වී නැති බවත් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත .
ඉන්දීය නාවික හමුදාව තම වගකීම් නිසි ලෙස ඉටු කරන ඉතා විනයගරුක සහ වෘත්තීමය හමුදාවක් වන බවත් ඔවුන් අතින් කිසිවිටක එවැනි දෝෂ සිදුනොවන බවත් මෙම නිවේදනයේ දැක්වේ .
. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියළු ධීවර ගැටලු, ද්විපාර්ශවීය යාන්ත්‍රණයන් සහ අවබෝධතාවයන් හරහා මානුෂීය ආකාරයකින් විසඳා ගැනීමට ඉන්දියාව දැඩිව කැප වී සිටින බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ ..