ඉන්ධන මිලේ වෙනසක්

Picture of අසංක

අසංක

සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

ඒ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 13 කින් අඩුකෙරේ. එහි නව මිල රුපියල් 355කි.

ලංකා සුදු ඩීසල් රු. 16 කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රු. 317කි.

භූමිතෙල් රු. 13 කින් අඩුකර ඇති අතර ලීටරයක නව මිල රුපියල් ​​202 කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් මිලෙහි වෙනසක් නොමැත.

එම නිවේදනය පහතින්.