ඉන්ධන මිල අද සිට ඉහළට

Picture of අසංක

අසංක

සිපෙට්කෝ, ලංකා IOC සහ සිනොපෙක් යන මෙරට ඉන්ධන අලෙවි සමාගම් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

අද( 01) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බල පැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව තීරණය කරයි.

ඒ අනුව, දිවයිනටම බලපාන සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල පහතින් දැක්වේ.

  • පෙට්‍රල් 92 – රු. 4 කින් (නව මිල රු.365)
  • පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.420)
  • ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.351)
  • සුපර් ඩීසල් – රු. 62 කින් (නව මිල රු.421)
  • භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.242) 

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, සිපෙට්කෝ ඉන්ධන මිල අනුව ඉහළ දමන බව එම සමාගම පවසයි.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

  • පෙට්‍රල් 92 – රු.04 කින් (නව මිල රු.365)
  • පෙට්‍රල් 95 – රු.03 කින් (නව මිල රු.420)
  • ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.351)
  • සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)
  • භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)

සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ(01) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

  • පෙට්‍රල් 92 – මිල නොවෙනස් (රු. 358)
  • පෙට්‍රල් 95 – රු. 6 කින්  (නව මිල රු.420)
  • ඔටෝ ඩීසල්  – රු. 10 කින් (නව මිල රු.348)
  • සුපර් ඩීසල් – රු. 61 කින් (නව මිල රු.417)