බොහෝ විපත් අයෙකුට මහා දුකක් ගෙන දෙද්දී තවත් අයෙකුට සතුටක් ගෙන දෙයි.
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ගලාගෙන යන වතුර නිසා දහස් ගණනක් වූ මිනිසුන් අනාථ වී අනාථ කදවුරු වල ළැගුම් ගෙන සිටින්නේ ඔවුන්ගේ සියළුම දේද ජල රකුසාට පූජා කරමිනි.
මේ අතර කිලිනොච්චියේම තවත් පිරිසක් ඒ ගලාගෙන යන ජලයේම තම ජීවිතය පරදුවට තබමින් මාලු අල්ලන්ට වූහ.
දවස අවසානයේදී ඔවුන්ට මාලු ලොරියක්ම අල්ලාගෙන ඒවා විකුණා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබේ.
කිළිනොච්චියේ ඉරණමඩු ජලාශය ඒ ගම්මානයේම වැසියන්ගේ ලක්ෂ ගණනක දෙපල ජලයට යට කරමින් අහිමි කරද්දී මේ පිරිසට ලක්ෂ ගණනක් උපයා ගැනීමටද ඉඩ දී තිබේ.
ස්වභාව ධර්මය හරිම අපූරුය.


