එජාපය හා මහින්ද අතර විශේෂ සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ජා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය හා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර විශේෂ සාකච්ජාවක් ඉදිරි දින කිහිපය ඇතුලත පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකුද මෙම සාකච්ජාවට එක්වීමට ඉඩ ඇති බව වාර්තාවේ.

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් සියලු පාර්ශව අතර එකඟතාවයක් ඇති කර ගැනීම මෙම සාකච්ජාවේ අරමුණ වන බවද වාර්තාවේ.

පැතුම් වික්‍රමරත්න