පැතුම් වික්‍රමරත්න
එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය එක් පුද්ගලයෙකුටත් විපක්‍ෂ නායක ධුරය තවත් පුද්ගලයෙකුටත් ලබාදීමේ යෝජනාවක් පෙරමුණ තුලින් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි.
මෙම යෝජනාව පිළිබඳවද මේ වනවිට පෙරමුණ තුල පුළුල්ව සාකච්ජා ආරම්භවී ඇති බවත් බොහෝවිට මෙම ක්‍රමය අනුගමනය කිරීමට පෙරමුණේ අනුමැතිය හිමිවීමට ඉඩ ඇති බවත් දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මාධ්ය වෙත පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයින් මෙම ගැටළුව විසදීම සදහා මේ වනවිට මැදිහත් වී සිටින බවද ඒ මහතා පැවසීය.