පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කිරීම සඳහා ජනතාවට ලබාදීමට නියමිත එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදා සිට නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර සිටී
සැප්තැම්බර් මුල් සතිය වනවිට මෙරට වයස අවුරුදු 30 ඉක්මවූ ජනතාවගෙන් 75% ඉක්මවන පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්වන බවට ගණන් බලා ඇති අතර ඒ අනුව සැප්තැම්බර් තෙවැනි සතියේ සිට ඩිජිටල් කාඩ්පත නිකුත් කෙරෙනු ඇත.
පොදු ස්ථානවලට, ව්‍යාපාරික ස්ථානවලට, රජයේ ආයතනවලට ප්රවේශවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇති අතර එය සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව පසුගියදා ප්‍රකාශයට පත් කළේය.