එල්ලන්න යන රැදවියෙක් සමාජ විද්‍යා පශ්චාත් උපාධිය ලබයි

Picture of අසංක

අසංක

මෙම ප්‍රවෘත්තියද මරණ දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියකුගේ වීම විශේෂත්වයකි. මෙම රැඳවියා මීට වසර කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරය තුලදී උසස් අධ්‍යාපනය හදාරා තම ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් අතර  අද  දින ප.වන.02.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වු කැලණිය විශ්ව විද්‍යාලයේ 108 වන උපාධි ප්‍රදානෝත්සවයේදී පශ්චාත් උපාධි සහතිකය ලබා ගෙන ඇත.

මෙම රැඳවියා තම උපාධිය ලබා ගැනීම සඳහා ඔහුට අවශ්‍ය  දේශනයන් ලබාගෙන ඇත්තේ  ඔහුගේ බිරිඳ කැලණිය  විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධ වී එම දේශන පටිගතකර බන්ධනාගාර නීති රීතිවලට අනුව එම පටිගත කිරීම් ඔහු වෙත ලබා දීම ඔස්සේය. බන්ධනාගාර පුනරුත්ථාපන හා නිපුනතා සංවර්ධන චන්දන ඒකනායක මහතාගේ උපදෙස් අනුව පුනරුත්ථාපන අංශය මගින් එම කටයුතු සදහා ඉඩ ලබා දී තිබු නිසා මෙම කඩඉම ජයගැනීමට රැදවියාට හැකි වු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එසේම ඔහුට ඒ සඳහා අවශ්‍ය පොත් විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සහ ලිපි ලබා ගැනීම මගින්ද ඔහුගේ පහසුකම් සලසා දී ඇත. තවද, ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් හදාරන ලද විෂයන් වනුයේ සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව වන විෂයන් වන අතර කැළණිය විශ්ව විද්‍යාලය මගින් හදාරන ලද විෂයන් වනුයේ සමාජ විද්‍යාව, සමාජ පර්යේෂණ, සංවර්ධණ සමාජ විද්‍යාව, සාමාජීය සංස්කෘතිය, සංයුක්ත සමාජ විද්‍යාව, සමකාලීන සමාජ විද්‍යාව යන විෂයන් වේ.