එළවළු ගිනිබත් කළ නගරාධිපති ගැන එජාපෙන් තීරණයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විකිණීම සඳහා තබා තිබූ එළවළු තොගයක් විනාශ කල බවට චෝදනා එල්ල වී සිටින බලංගොඩ නගරාධිපති චාමික වැවගෙදරට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතීක පක්ෂයේ සාමාජිකයකු වන වැවගෙදර මහතාට එරෙහිව පක්ෂයේ විනය කමිටුව විසින් පරීක්ෂණයක් ආරම්භ කරන බවද එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෑතකදී වැවගෙදර මහතා මෙසේ විකිණීම සඳහා තබා තිබූ එළවළු තොගයක් විනාශ කර ඇති බවට චෝදනා එල්ල වූ අතර සමාජ මාධ්‍ය හරහාද ඊට එරෙහිව විශාල මතයක් ගොඩනැගින.

ඇඳිරි නීතිය නොතකා වෙළෙන්දන් එළවළු තොගයක් ප්‍රවාහනය කර තිබියදී මෙම සිදුවීම සිදුව ඇති බවටද වාර්තා පළවිය