කොරෝනා වෛරසයේ ආරම්භය පිලිබඳ පර්යේෂණ කිරීම සඳහා විශේෂඥයින් කණ්ඩායමක් චීනය වෙත පිටත්කර හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇත .
චීනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර ඇතිකරගත් එකඟතාවයක් මත මෙම විද්‍යාත්මක පරීක්ෂණ සිදුකෙරෙන අතර , ඒවාට පූර්ණ සහය ලබාදීමටද චීන බලධාරීන් මේ වනවිට ඉදිරිපත්ව සිටී .
කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධව වැදගත් කරුණු රැසක් මෙම පර්යේෂණ හරහා සොයාගත හැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළකර ඇත .
චීනයේ වූහාන් පලාතෙ සත්ව මාංශ අලෙවිසලකින් මෙම වෛරසය ආරම්භවූ බවට මුලින් බොහෝදෙනෙකු විශ්වාස කල නමුත් මේ වනවිට ඊට ප්‍රතිවිරුද්ධ මත රැසක්ද ඉදිරිපත්ව ඇත .