කොරෝනා මඩින මෙහෙයුමට කුමාර්ගෙන් ලක්ෂ 20ක පරිත්‍යාගයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පිළියන්දළ දිසා රෝහලේ නේවාසික  කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අභිනවයෙන් ඉදිකළ හදිසි ප්‍රතිකාර ඒකකයට  ( ETU ) අවශ්‍ය  රුපියල් ලක්ෂ විස්සක්  වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් තරග විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන මහතා කටයුතු කර තිබේ.

එම උපකරණ අද ප්‍රවාහන කැබිනට් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  රෝහලට පරිත්‍යාග කිරීම සිදුවිය.

හදිසි ප්‍රතිකාර ඇඳන් හතරක්, වායු සමීකරන කට්ටලයක්,කොවිඩ්  රෝගීන්ට  අවශ්‍ය ඔක්සිජන් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් මෙහිදී ප්‍රදානය කෙරිණි .