ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 850 ඉක්මවා ගොස් ඇත.
කොරෝනා ආසාදනයෙන් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තාවේ.
ඉන් වැඩි සංඛ්‍යාවක් චීන ජාතිකයින් වන අතර ඒ අනුව චීනයේ නගර රැසකට ඇතුළුවීම හා පිටවීම නොකරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත.
මේ හේතුවෙන් චීනයේ බීජිං හා හොන්කොන් රාජ්‍යයයේ පැවැත්වීමට තිබූ උත්සව රැසක් අත්හිටුවා ඇත්තේ ජනාතාව රැස්වීම් තවදුරටත් අවම කිරීමේ අරමුණිනි.
මේ අතර අමෙරිකාව කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි පුද්ගලයා පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද වාර්තාවේ.