කොරෝනා වෛරසයේ මුල හොයන්න WHO කණ්ඩායමක් චීනයට

Picture of අසංක

අසංක

නව්‍ය කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ලබන සතියේ චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය.

කොරෝනා වෛරසය ආරම්භ වූ ප‍්‍රභවය සහ එය මිනිසාට ව්‍යාප්ත වූයේ කෙසේද යන්න පිළිබඳව එහිදී ගැඹුරින් පරීක්ෂණ කිරීමට අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාවක මාධ්‍ය වෙත පැවසීය.

කොරෝනා වෛරසය වවුලන්ගෙන් කෙලින්ම මිනිසුන් වෙත ව්‍යාප්ත වූවාද, නැත්නම් අතරමැදි සත්ත්වයින් සිටියාද යන්න පිළිබඳව එහිදී පරීක්ෂණ කරනු ඇති.

ලබන දෙසැම්බර් මාසයට පෙර එම පරීක්ෂණ සාර්ථකව නිම කිරීමට හැකි වනු ඇතැයිද ප්‍රකාශිකාව මෙහිදී සඳහන් කලාය.