කොරෝනා සමයේ, යුරෝපයේ, වංචා දූෂණයන් බරපතල ලෙස ඉහළ ගිහින්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට යුරෝපාකරය තුල  වංචා දූෂණයන් කැපී පෙනෙන ලෙස  ඉහළ ගොස් ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) සංවිධානය අනාවරණය කර සිටී .

විශේෂයෙන්ම යුරෝපා රටවල , සෞඛ්‍ය  ක්ෂේත්‍රය තුල මෙසේ වංචා දූෂණයන්  සිදුවීම බරපතල ලෙස ඉහල ගොස් ඇති බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නිකුත් කල නවතම සමීක්ෂණ  වාර්තාවක දැක්වේ .

මෙම සමීක්ෂණය සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් 27ක පුද්ගලයින් 40000කට ආසන්න පිරිසක් සහභාගී කරවාගෙන ඇති අතර පසුගිය වසරේ අවසන් මාස තුනක කාලය මෙහිදී විමර්ශනයට ලක්ව ඇත .

යුරෝපා වැසියන්ගෙන් 29% කට ආසන්න පිරිසක් වෛද්‍ය සේවා හා කොවිඩ්  එන්නත් ලබාගැනීම සඳහා තම, පුද්ගලික සබඳතා  භාවිතා කර ඇති බව මෙම සමීක්ෂණයේදී  අනාවරණය වී ඇත .

එසේම යුරෝපා වැසියන්ගෙන් 6% ක් පමණ මෙම සේවා ලබාගැනීමට අල්ලස් මුදල් ලබාදී ඇති බවද  මෙහිදී අනාවරණය වී ඇත .

මෙම සමීක්ෂණයට අනුව, ප්‍රංශයේ , පෝලන්තයේ හා ස්පාඥයේ පුරවැසියන්ගෙන් 60 % කගේම අදහස් වී ඇත්තේ  තම රටවල වෛද්‍ය සේවාවන් මෙන්ම  එන්නත්කරණ වැඩපිළිවෙල පවා ,මේ වනවිට දූෂිත තත්වයකට ඇද වැටී ඇති බවයි .

මෙලෙස යුරෝපයේ ,බොහෝ රටවල ,  එන්නත් අත්‍යාවශ්‍ය පුද්ගලයින්ට පෙර , පුද්ගලික සබදතා හා අල්ලස් භාවිතා කර වෙනත් පුද්ගලයින් කොවිඩ් එන්නත ලබාගන්නා බවත් මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත .