කොවිඩ් එන්නත් මිශ්‍ර කර ලබාදීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවට නැවතත් තහවුරුවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත් ලබා දිමේදී මිශ්‍ර එන්නත් ලබා දීමෙන් වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකි බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ අධ්‍යයනයකින්   නැවත වරක්  අනාවරණය වී ඇත .

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පසු ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමෙන් එලෙස වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකි බවය එම අධ්‍යයනයෙන් හෙළිව ඇත.

එලෙස මිශ්‍ර එන්නත් මාත්‍රා ලබා ගන්නා පුද්ගලයින්ගේ ප්‍රතිදේහ නිපදවීම සාමාන්‍ය එන්නත්කරණයට වඩා ඉහළ මට්ටමක පවතින බවද එම අධ්‍යයනය මගින් හෙළිව ඇති බව  බ්‍රිතාන්‍යය මාධ්‍ය අනාවරණය කරයි .

අස්ට්‍රසෙනෙකා මාත්‍රා දෙකක් ලබාගත් අයටද තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගැනීම හරහා වැඩි ප්‍රතිශක්තියක් ඇති කරගත හැකි බවද මෙම පර්යේෂණයෙන් හෙළිවී ඇත .

මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය ජොනතන් වැන් ටැම් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ , අනාගතයේදී මෙම එන්නත් මිශ්‍ර කර ලබාදීම සාර්ථක ප්‍රතිඵල ලබාදෙන ක්‍රමවේදයක් වනු ඇතිබවයි .

විශේෂයෙන්ම එන්නත් බෙදාහැරීමේදී ලොවපුරා මතුවී ඇති ගැටළු වලටද මෙය වැදගත් පිළිතුරක් සපයනු ඇති බවද  ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත

මේ වනවිට ස්පාඥ්ඥය , ජර්මනිය වැනි රටවලද මෙසේ එන්නත් මිශ්‍ර කර ලබාදීම ආරම්භ කර ඇති බවද ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත .

මේ පිළිබඳව බීබීසී පුවත් සේවයේ පළවූ ලිපිය