කොළඹ මහල් නිවාස සංකීර්ණ හයක් හුදකලා තත්වයෙන් ඉවතට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට හුදෙකලා භාවයට පත්කර ඇති කොළඹ මහල් නිවාස සංකීර්ණ 6ක් අද (12) සිට එම තත්වයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත .

ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ සෙවණ, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර හා දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදෙකලාභාවයෙන් ඉවත් කෙරේ .

කෙසේවෙතත් එම නිවාස සංකීර්ණ අයත් ප්‍රදේශවල දැනට පවතින හුදෙකලා භාවය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත