කොළඹ නගරය වසා විෂබීජහරණයක් සිදුකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව කොළඹ මහ නගර සභාව අවධාරණය කර සිටී.
මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී රජයේ වගකිවයුතු ආයතන විසින් ලබාදෙන තොරතුරු අනුව පමණක් කටයුතු කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය සඳහන් කර සිටී.
මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර පතුරුවා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කිරීමටද අවශ්‍ය කටයුතු කරන බව ඇය මාධ්‍ය වෙත පැවසීය.