ගාසා තීරයට සටන් විරාමයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හමාස් සංවිධානයේ නියෝජිතයින් ඊජීප්තුවේ කයිරෝ නුවර වෙත පැමිණ තිබේ.

ගාසා හි හමාස් සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී කලීල් අල් ‌හෙයියා ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඊජීප්තුවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සටන් විරාමය පිළිබඳ සිදුකෙරෙන සාකච්ඡා සඳහා සහභාගී වන ඊශ්‍රායල නියෝජිත පිරිස ද කයිරෝ නුවර වෙත පැමිණීමට නියමිතව තිබේ.
 
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පාර්ශව කිහිපයක මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිතය.