කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හා නව ප්‍රභේද ඇතිවීම සලකා බලා , හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලාසිටියේය .
මේ වනවිට නව කොවිඩ් ප්‍රභේද ඇතිවෙමින් ඇති අතර තවමත් වෛද්‍ය විද්‍යාව තුළ ඒ ගැන අධ්‍යයනය කරමින් පවතින බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය .
මෙහිදී වැඩිදුරටත් අදහ දැක්වූ ඒ මහතා මෙසේද පවැසීය
“කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ.. අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්. අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක්. එතකොට අපි එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේම එන්නත් ගැනත් අපි දන්නවා.”