ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ගේ ජීවිතවලට අනතුරක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටී
මෙවැනි අනතුරක් පවතින බවට බුද්ධි අංශවලට සම්බන්ධ අයකු තමා සමඟ පැවසූ බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය .
මෙම අනතුර පිළිබඳව වගකිවයුත්තන් අවධානය යොමුකළ යුතු බවද ප්‍රසන්න මහතා මෙහිදී පැවසීය