මධ්‍යම චීනයේ ප්‍රදේශ රැසක ඇතිව ඇති ගං වතුර තත්වය හේතුවෙන් මේ වනවිට විසිදහසකට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී .
මේ වනවිටත් මධ්‍යම චීනයේ නගර රැසකට අධික වැසි ඇදහැලෙමින් ඇති බවත් මෙම ගං වතුර තත්වයන් හේතුවෙන් චීනයේ ශෙන්සූ නගරයේ පමණක් අවම වශයෙන් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී .
මධ්‍යම චීනයේ නගර 12කට පමණ මෙම ගං වතුර තත්වය දැඩි ලෙස බලපා ඇති අතර එම නගර වල සියලු මාර්ග පද්ධති මේ වනවිට වසා දමා ඇති ඇත . එසේම එම නගර සියල්ලෙහිම ගුවන් ගමන් නවතා දමා ඇත .
මිලියන 94 කට අධික ජනකායක් වෙසෙන චීනයේ හනාන් ප්‍රාන්තයට මේ වනවිට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතරම එම ප්‍රාන්තයේ ජනජීවුතය මේ වනවිට සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවද වාර්තාවේ .
හනාන් ප්‍රාන්තයේ ඇති මහා වේල්ල ට මෙම ගංවතුර හේතුවෙන් තර්ජනයක් එල්ලවනු ඇති බවට මේ වනවිට සැක මතුවී ඇති අතර ඒ අනුව එම ප්‍රදේශය ආශ්‍රිතව වෙසෙන ජනතාව ඉවත්කිරීමට එරට ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු කරමින් සිටී .
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවී ඇති උණුසුම් තත්වයන් හේතුවෙන් මෙම ගංවතුර තත්වයන් මතුව ඇති බව චීන කාලගුණික විශේෂඥයින් සඳහන් කර ඇත .