චීන-රුසියා-කියුබා ආධාර කණ්ඩායම් ඉතාලියට

Picture of අසංක

අසංක

කෝවිඩ් 19 වෛරසය සීග්‍ර ලෙස පැතිර යාම හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින ඉතාලියට ආධාර කිරීම සඳහා චීනය රුසියාව හා කියුබාව යන රටවල් ඉදිරිපත්ව සිටී .

ලොව ඉහළතම සෞඛ්‍ය පහසුකම් සහිත රටක් වන කියුබාව සිය වෛද්‍යවරුන් 37 දෙනෙකු ඉතාලිය වෙත යවා තිබෙන අතර ඔවුන් සමග හෙදියන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද ඉතාලිය වෙත පැමිණ තිබෙ.

මේ අතර රුසියානු ගුවන් හමුදා සාමාජිකයන් පිරිසක් සෞඛ්‍ය උපකරණ තොගයක්ද සමග ඉතාලිය වෙත පැමිණ ඇති අතර ඔවුන් ද මේ වනවිට ඉතාලියේ වෛරසයට ගොදුරු වී සිටින පුද්ගලයන්ට සහන සැලසීමේ කටයුතුවල නිරත වෙමින් සිටී.

මෙම වෛසරයෙන් ප්‍රබල ලෙස බැට කෑ ‍චීනයද මුව ආවරණ මිලියන 03 ක තොගයක් ඉතාලිය වෙත නැව්ගත කර ඇති අතර එම තොගය බ්‍රහස්පතින්දා පමණ වනවිට ඉතාලිය වෙත යැවෙනු ඇති බව වාර්තාවේ