නවතම පුවත්

ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..

අසංක

අසංක

සැප්තැම්බර්හි ජනාධිපතිවරණය ළඟාවන මේ මොහොතේ ශ්‍රී ලංකාවට පවතින දැවෙන ජාතික ප්‍රශ්න අතර ඉහළින්ම ඇත්තේ ආර්‌ථිකය, උද්ධමනය සහ විරැකියාව බවට නවතම ජනතා මත විමසුමකින් හෙළිවී තිබේ.

ඒ 2024 අප්‍රේල් සිට ජූලි දක්වා පවත්වන ලද සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) සිදුකළ නවතම ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණයට (SLOTS) අනුව ය.

සිත්ගන්නාසුළු කරුණ වන්නේ, සමීක්ෂණයට සහභාගීවූ කිසිවෙකු ජනපති ක්‍රමය, ව්‍යවස්ථාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රධාන ගැටළු ලෙස සඳහන් නොකිරීම බව එම වාර්තාව සඳහන් කරයි.

ලාංකිකයන් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට වඩා ආර්ථිකමය යථාර්ථයන් ගැන වැඩි උනන්දුවක් දක්වනබව එමගින් පෙනී යන බව එම සමීක්ෂණය පැහැදිලි කරයි.

වඩාත් ධනවතුන්ගේ බහුතරය උද්ධමනය ගැන වැඩි සැලකිල්ලක් දක්වන බව පෙනීගොස් ඇත. ආර්ථික සංකාවන්, සියලුදෙනාට එක හා සමානව දැනෙන්නක් නොවේ.

එසේවුවද මේ වසර ආරම්භයේ සිට විරැකියාව පිළිබඳ කනස්සල්ල ද ඉහළ යමින් පවතින බව එම සමීක්ෂණයේදී හෙළිවී ඇත.

එම වාර්තාවට අනුව දූෂණය සහ මත්ද්‍රව්‍ය ප්‍රධාන ජාතික ගැටළු ලෙස සඳහන් කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතියි.

මෙම මත විමසීමේ දී, ප්‍රතිචාරකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දෙමින්, රටට බලපා ඇති ප්‍රධාන ගැටළු දෙක සඳහන් කරන ලෙස දන්වා තිබේ. මෙම සමීක්ෂණය සඳහා දත්ත එක්රැස් කර ඇත්තේ ඒ අනුව ය.

අදාළ සමීක්ෂණයේදී ආර්ථිකය හා උද්ධමනය ගැන ගැටලු සෑම වයස් කාණ්ඩයකම රජ කරන ප්‍රශ්නයක් බව පෙනීගොස් ඇත.

එහිදී අවුරුදු 18-29 වයස් ඛාණ්ඩයේ තරුණ වැඩිහිටියන් උද්ධමනය ගැන වැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එම ප්‍රතිශතය 60%කි.

නමුත් අවුරුදු 60ක් හා එම වයස ඉක්මවූ වෘද්ධ වැඩිහිටියන් ආර්ථිකය ජාතික ගැටළුවක් බව පැවසීමේ නැඹුරුව ඉහළ වන අතර එහි ප්‍රතිශතය 67% කි.

තරුණයින් ප්‍රධාන ගැටළුවක් ලෙස දක්වන්නේ රැකියා හිඟයයි.

2024 අප්‍රේල් – ජූලි කාලය තුළ, 59%ක් (2024 ජනවාරි – මාර්තු කාලයට සාපේක්ෂව ලකුණු +3) ආර්ථිකය සහ 55%ක් (ලකුණු -7) උද්ධමනය ප්‍රධාන ගැටළු ලෙස දක්වා ඇත.

ඉන්පසුව, 38%ක් විරැකියාව (ලකුණු +9) ද, 21%ක් ඉහළ බදු (ලකුණු -0.5) ද සඳහන් කර තිබේ.

ශ්‍රී ලාංකිකයන්ගේ කුඩා ප්‍රතිචාරක පිරිසක් දුෂණය (6%), සෞඛ්‍යය (6%), මත්ද්‍රව්‍ය (5%), සහ අධ්‍යාපනය (4%) ඔවුන්ගේ ප්‍රධාන ගැටළු දෙක ලෙස සඳහන් කර ඇත. ප්‍රතිචාර දැක් වූ දහසකට අධික පිරිසෙන් කිසිවකු ජනාධිපති ක්‍රමය, ව්‍යවස්ථාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමුඛතා ගැටලු ලෙස සඳහන් කර නොමැත.

ආර්ථිකය ප්‍රධානතම ජාතික ගැටලුව ලෙස බොහෝ දෙනා පිළිගත්ත ද, ධනවත් සහ වඩාත් දරිද්‍ර ශ්‍රී ලාංකිකයන් අතර මූලික ගැටළු පිළිබඳව වෙනස් මත පවතියි.

ශ්‍රී ලාංකිකයන්ගෙන් ධනවත්ම තුනෙන් එකට (52%) සාපේක්ෂව දරිද්‍රතම තුනෙන් එක (69%) ආර්ථිකය ඉහළම ප්‍රමුඛතාවක් ලෙස දැක්වීමට වැඩි ඉඩක් ඇත.

ඊට ප්‍රතිවිරුද්ධව, උද්ධමනය ප්‍රධාන ගැටලුවක් ලෙස සඳහන් කරන දරිද්‍රතම ශ්‍රී ලාංකිකයන් (63%), ධනවත් ශ්‍රී ලාංකිකයන්ට වඩා (54%) අඩු ය.

විරැකියාව ගැටළුවක් ලෙස සඳහන් කරන්නන් අතර වඩාත් කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරයි. මධ්‍යම හා වඩාත්ම ධනවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙය ප්‍රධාන ප්‍රමුඛත්වයක් ලෙස සඳහන් කිරීමට සාපේක්ෂව දුප්පත්ම ශ්‍රී ලාංකිකයන්ගෙන් පහෙන් එකක් (18%) පමණක් එය ගැටළුවක් ලෙස දකියි.

ආර්ථිකය සහ උද්ධමනය සෑම වයස් කාණ්ඩයකම ප්‍රධාන ගැටළු වේ.

රැකියා සම්බන්ධ ගැටළු තරුණ ජනගහනය අතර බහුලව දක්නට ලැබෙන නමුත් වයස සමග අඩු වෙමින් යයි.

income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
image-13
ජනපති සටනට එන අපේක්ෂකයින් මෙන්න !
image-10
කඳුකර දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමට සෑම රජයක්ම අපොහොසත්වෙලා !
image-9
මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය.
image-8
අධිකරණයට යලිත් අපහාස කිරීම සම්බන්ධයෙන් DSI සැම්සන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන්ට අධිකරණයෙන් නැවත සිතාසි!!