ජනපති ගෝඨාභයගේ කතාවෙන් කම්පනයට පත්වුණා – DMK නායකයා කියයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුල බලය බෙදීම සම්භන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කල අදහස් ඇසීමෙන් තමා කම්පනයට පත්වූ බව ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් හෙවත් ඩී එම් කේ පක්‍ෂයේ නායක එම් කේ ස්ටාලින් මහතා අවධාරණය කර සිටී.

ද්‍රවිඩ ජනතාව වෙත දේශපාලන බලතල බෙදා හැරීම ප්‍රමුඛ කරුණක් නොවන බවට දරි ලංකා ජනපති කර ඇති ප්‍රකාශය තම පක්ෂය කිසිසේත්ම පිළිනොගන්නා බවත් , ස්ටාලින් මහතා අද දින තමිල්නාඩුවේ චෙන්නායි හිදී පවතී මාධ්‍ය හමුවකදී අවධාරණය කර ඇත.

දහ තුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ මහතා එකඟ නොවීම පිළිබඳවද තමා දැඩි ලෙස කණගාටුවන බවත් ස්ටාලින් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත .

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් රැකදීම සඳහා මේ අවස්තේ ඉන්දීය රජය මැදිහත් විය යුතු බවද ඩී එම් කේ නායකයා සඳහන් කර ඇත.