දේශගුණ විපර්යාස හේතුවෙන් , ලොව ඉහලම හා ප්‍රබලතම බලපෑම් එල්ලවන රටවල් අතරට මේ වනවිට ශ්‍රී ලංකාවද එක්වී ඇත . දේශගුණ විපර්යාස නිසා බලපෑම් එල්ලවන රටවල් ඇතුළත් දර්ශකය තුල මේ වනවිට ශ්‍රී ලංකාව හයවන ස්ථානයේ පසුවේ .
ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු විමෝචනය ඉතා අඩු අගයක පැවතිය ද ගෝලීය වශයෙන් සිදුවන උණුසුම ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බව විශේෂඥ මතයයි.
දේශගුණික විපර්යාස සමග දේශගුණයේ ක‍්‍රමානුකූලව ඇතිවන වෙනස්කම් අප නොදැනීම අපගේ ස්භාවික සම්පත් හා ඒ මත රදාපවතින ජීවනෝපා මාර්ග අනතුරට පත් කරමින් පවතී..
දේශගුණ විපර්යාසවල අහිතකර ප්‍රථිපල මෙරට වී වගාව ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මෙන්ම ජල විදුලි නිෂ්පාදනයට පවා දැනටමත් අත්විඳින්නට සිදුව ඇත .
ශ‍්‍රී ලංකාව පුරා ජීවත් වන සුළු පරිමාණ ඉඩම් හිමි ගොවීන් හා කෘෂිකාර්මිකයින් මෙම තත්වය මත දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදෙමින් සිටී.
කෙසේ වෙතත් මෙම බරපතල අභියෝගයට මුහුණදීම සඳහා මෙරට තුල විවිධ විද්‍යාත්මක පර්යේෂණ සහ ව්‍යාපෘති ද ආරම්භවී ඇත . වැව්ගම් පුබුදුව යනු එසේ ආරම්භවී ඇති සාර්ථක ව්‍යාපෘතියකි .
දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම සදහා වූ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය ලෙස 2017 වර්සේ සිට ක්‍රියාත්මකය .
මෙම ව්‍යාපෘතිය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂණික දායකත්වය හා හරිත දේශගුණික අරමුදලේ මූල්‍ය දායකත්වය ලැබී ඇත .
දේශගුණික විපර්යාසයින් නිසා ශ්‍රී ලංකාවේ වඩාත් අවධානමට ලක්වී තිබෙන ගංගා ද්‍රෝණි 3ක් වන මී ඔය, මල්වතු ඔය, යාන් ඔය මූලික කරමින් දිස්ත්‍රක්ක 07 ක් ආවරණය වන පර්දි වැව්ගම් පුබුදුව , මේ වනවිට ප‍්‍රජාව වෙත සෙත සළසමින් පවතී .
දේශගුණික කාලගුණික හා ජල විද්‍යාත්මක නිරීක්ෂණයන්, දිගු කාලීන සහ කෙටි කාලීන කාළගුණ අනාවැකි සහ කෘෂී කාළගුණික උපදේශන ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක සුවිශේෂ වැඩසටහනකි.
මේ ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා පැවසුවේ මෙවැන්නකි .
මෙම වැඩසටහන ඔස්සේ යාවත්කාලීන කරන ලද කාලගුණික පුරෝකතන ඉතා ඉක්මනින් ප්‍රජාව වෙත සන්නිවේදනය කර ඔවුන්ගේ වැඩ කටයුතු වඩාත් සැළසුම් හා කළමනාකරණය කරගැනීමට අවැසි පහසුකම් සලසා දී තිබෙනවා , මෙම යාන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස අද එම ප්‍රජාව දියුණුවේ පල නෙළාගනිමින් සිටිනවා .
මෙම ජංගම යෙදවුම හා වෙබ් පොර්ටලය නිල වශයෙන් විවෘත කිරීම 2023 අප්‍රේල් මුල් සතියේ කළගුණ විද්‍ය දෙපාර්තමේනතුවේදී සිදු කෙරෙනවා , නමුත් දැනටමත් වට්සැප් මාර්ගෙන් ගොවීන් වෙත කෘෂි කාළගුණ දත්ත ලබා දීම සාර්ථකව සිදු කෙරෙනවා .
ජංගම දුරකථන යෙදවුම මගින් රටේ ඖනෑම තැනක සිට නිවැරිදි දත්ත ලබා ගත හැකියි .
මේහිදී අප කල විමසුමකදී , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ තාක්ෂනික විශේෂඥ වජිර හෙට්ටිගේ මහතාද වැඩසටහන පිළිබඳව තම අදහස මෙසේ ගෙනහැර දැක්වීය .
කාළගුණ විද්‍යා දෙපාර්තමේනතුව අපේ ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකාර ආයතනයක්. ව්‍යාපෘතිය මගින් කාළගුණ විද්‍යා ද දෙපාර්තමේන්තුවේ ධාරිතා සංවර්ධන වඩසටහන් ප්‍රධාන අංශ තුනක් යටතේ ක්‍රියාත්මක කරනවා.
විශේෂයෙන් ම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවෙන ගංගා ද්‍රෝණි 03 ආශ්‍රිතව කාළගුණ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථානවල හිගයක් පවතින නිසා ව්‍යාපෘතිය මගින් එම අවශ්‍ය කාළගුණ නිරීක්ෂණ උපකරණ සවිකිරීම එක අංශයක් ඔස්සේ සිදු කරනවා.
දෙවනුව අපි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දිගුකාලීන හා කෙටි කාලීන අනාවැකි කරණය සදහා අවශ්‍යකරන තාක්ෂණික දැනුම ලබා දීමට විදේශීය ආයතන හරහා හා දේශිය දැනුම යොදාගෙන ඒ අවශ්‍ය කරන පුහුණු වැඩසටහන් සිදු කිරීමට කටයුතු කරලා තියනවා.මීට අමතරව කාලගුණ විද්‍යා උපකරණ වල තියෙන අවශ්‍යතාවය හඳුනාගෙන ඒ අනුව ඉහත උපකරණ ලබා දීලා අනාවැකි කරණය වඩාත් නිවැරදිව හා යාවත්කාලීන කරන ලද අනාවැකි ලබාදීමට පහසුකම් සැපයීම අපි දෙවැනි අංශය ලෙස කටයුතු කරලා තියෙනවා.
ඒ වගේම තුන්වෙනි අංශය විදිහට අපි මේ නිපදවන අනාවැකි අවශ්‍ය කරන මහජනතාව හා හා සුළු පරිමාණ ගොවීන් හා ගොවි කණ්ඩායම් වෙත ගෙන යෑමට බෙදාහැරීමේ කටයුතු වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සැපයීම , විශේෂයෙන්ම ඒකට අවශ්‍ය කරන වෙබ් ද්වාරයක් සහ මෘදුකාංග ලබා දීමට කටයුතු කරලා තියනවා. ඒ අනුව ඒ පහසුකම් ඔස්සේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ගංගා ද්‍රෝණිය 3 හි වෙසෙන කුඩා පරිමාන ගොවීන් හා අපදාවට ලක් වන ප්‍රජාවන් කාලගුණය විපර්යාසයන්ට හා ආපදාවන්ට ලක් වීමේ දී ඒ අයට අවශ්‍ය කරන මූලික කාලගුණ තොරතුරු ලබා දීලා ඒ අනුව ඒ අයගේ ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව සංවර්ධනය කිරීමයි.
මෙම ව්‍යාපෘතිය යටතේ මල්වතු ඔය , මී ඔය හා , යාං ඔය ආශ්‍රිතව කාලගුණ විද්‍යා දත්ත ලබාගැනීම සදහා කාලගුණ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථාන ජාලය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගංගා ද්‍රෝණි ආශ්‍රිතව කෘෂි කාලගුණ මධ්‍යස්ථාන 05ක්, ස්වයංක්‍රීය වර්ෂාපතන මධ්‍යස්ථාන 10 ක් හා ස්වයංක්‍රීය ගංගා ජලමට්ටම් 23 ක් ස්ථාපනය කරන ලදී. මේ සදහා සමස්ථ පිරිවැය රුපියල් මිලියන 65 කි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාලගුණ විද්‍යාත්මක දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් නිලධාරීන් 5 දෙනෙකු සඳහා කෙටි කාලීන විදේශ පුහුණු ලබාදී හා දේශීයව නිලධාරීන් 36 දෙනෙකු සඳහා GIS තාක්ෂණය පිළිබඳව පුහුණුව ලබාදී ම සිදුකරන ලදී ඒ සදහා සමස්ථ පිරිවැය රුපියල් මිලියන 7 කි.
තවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණය වැඩි දියුණු කිරීමේ අරමුණින් ව්‍යාපෘතිය විසින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අධිතාක්ෂනීක පරිගණක පද්ධතියක්, video wall හෙවත් විශාල විඩියෝ තිරයක්, බහු මාධ්‍ය ප්‍රොජෙක්ටරය (multi media projector) ක්, වර්ණ ලේසර් මුද්‍රණ යන්ත්‍රය / ලැප්ටොප් පරිගණක 2 ක් / ඩෙස්ක්ටොප් පරිගණක 2 ක් හා ඇතුළු උපාංග ලබාදීම සදහා සිදුකරන ලද සමස්ථ පිරිවැය රුපියල් මිලියන 65 කි.
ඒ අනුව වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහා සිදුකරන ලද සමස්ත පිරිවැය රුපියල් මිලියන සියය ඉක්මවයි.
දේශගුණ විපර්යාස හේතුවෙන් කලට වෙලාවට අවශ්‍ය වැසි නොලැබීමෙන් ගොවීන්ගේ වගා කටයුතු නියමාකාරයෙන් සිදු කිරීමට අපහසු බව හදුනාගත් ව්‍යාපෘතිය කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්වී ඉදිරි කන්නය සැළසුමි කිරීම සදහා අවශ්‍ය කෘෂි කාළගුණ උපදේෂන සහ පුරෝකථන ඉදිරි මාස තුන, මාසය, දින දහය,වශයෙන් කාලගුණ අනාවැකි ද , අවශ්‍ය විටදී අයහපත් කාලගුණ තත්වයන් පිළිබඳව අවවාදාත්මක නිවේදන, ලබා දේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන අනාවැකි පාදක කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්භාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සෑම කන්නයකම ආරම්භයට පෙර, සහ අවශ්‍ය වූ විට යාවත් කාලීන කරන ලද කෘෂි කාලගුණ උපදේශන සහ ව්‍යපෘතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක වල ගොවි ජනසේවා නිලධාරීන් සහ කෘෂිකර්ම නිලධාරීන් හරහා ගොවීන් වෙත ලබා දීමට කටයුතු කෙරේ.
මෙම කෘෂි කාලගුණ උපදේශන සහ කාළගුණ අනාවැකි ව්‍යපෘතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක වල ගොවි ජනසේවා නිලධාරීන් සහ කෘෂිකර්ම නිලධාරීන් හරහා ගොවීන් වෙත ලබා දීමට කටයුතු කෙරේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා අනූෂා වර්ණසූරිය මහත්මිය මෙසේ පැවසීය
කාලගුණය හා දේශගුණය මේ වන විට ලොකු වෙනස් වීමක් තියෙනවා ඒ වගේම පාරම්පරික දැනුම ගොඩක් දුරට දැන් වලංගු නෑ. ඒ නිසා දැන් ගොවියොත් කෘෂිකාර්මික කේෂත්‍රෙය් හා අනිකුත් කේෂත්‍රවල අය ගොඩදෙනෙක්ට විද්‍යාත්මක පැත්තට නැඹුරු වෙලා තියෙනවා.අප දෙන්න තොරතුරු විද්‍යාත්මක තොරතුරු ඒවා අර්ථ නිරූපණය වෙන්න ඕන පහල මට්ටමට යනකම්මේ දේ කරන්න ව්‍යාපෘතීන් අපට බොහෝ උදව් කළා අපේ ධාරිතාව වැඩි කරන්න අංශ තුනකින් උදව් කළා ගෝලීයව නිරීක්ෂණ ජාලයක් තියෙනවා ඒකෙන් ලංකාවෙ තියෙන නිරීක්ෂණ ජාලය වැඩිදියුණු කරන්න අපට ස්ව්‍යංක්‍රීය වර්ෂාමාන මෙන්ම කෘෂිකාර්මික දත්ත සපයන මධ්‍යස්ථාන ඇතුළුව එකතුව පහළොවක් අපට ලබා දීලා තියෙනවා. විශේෂයෙන් අපි වියළි කලාපය පාදක කරගෙන.
ඇත්තෙන්ම ඒකෙන් අපට අපේ අනාවැකි මෙන්ම ගෝලීය අනැවකි වැඩිදියුණු කරගන්න මේ තොරතුරු ඉවහල් වෙනවා.
ඊළඟට අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය පුහුණුව ලබා දීලා තියෙනවා. අපේ මේ විෂය තාමත් වැඩිදියුණු වන විෂයක් , ඒ නිසා ඒ සඳහා හොඳ පුහුණුවක් ඕන, ඒ නිසා කොරියාව හා තායිලන්තය වැනි රටවල් වලට යවලා මේ නිලධාරීන් පුහුණු කළා. ඒ වගේම දේශීය වශයෙන් GIS වගේ අංශ වලින් ඉහළ මට්ටමේ පුහුණුවක් අපිට ලබාදුන්න .තුන්වැනි කාරණාව තමයි අපට අවශ්‍ය පරිගණක උපාංග ලබාදීම, ඒවා ලබා දුන්නා. ගොවියෝ වගේම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල ඉන්න හැම දෙනෙක්ම බලාපොරොත්තු වෙනවා තමන්ට ලැබෙන අනාවැකි තොරතුරු තමා ඉන්න ප්‍රදේශයට නිවැරදිව හා ගැඹුරින් ලබාගන්න.
ඉතින් මේ තොරතුරු ලබාදෙන්න මේ ලබා දුන් පරිගණක හා උපාංග ඉතා වැදගත් වුණා
මේ ව්‍යාපෘතියෙන් කරපු තවත් කාර්යයක් තමයි අපි මේ ලබා දෙන තොරතුරු කොහොමද මේ ගොවිය පාවිච්චි කරන්නේ තවත් මොනවද ඒ තොරතුර වල වැඩි දියුණු වෙන්න තියෙන්නේ යම් තොරතුරු ලබාගන්න අවශ්‍ය වුණා ඒ සඳහා අපි ව්‍යාපෘතියත් එක්ක අපි ගොවියෝ ලගට ගියා අපි ෆීල්ඩ් එකට බැස්සා ඉතින් අපි මේ විදියට ක්ෂේත්‍රයටම ගිහිල්ලා තොරතුරු ලබා ගැනීමම අපි කරපු ලොකු දෙයක් වුණා.ඒකෙන් අපි දැනගත්තා අපේ මේ තොරතුරු තව වැඩි දියුණු වෙන්න ඕන මොනවද කියලා. ඒක ලොකු දායකත්වයක්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විනාඩි 10න් 10ට යාවත්කාලීන වන තොරතුරු අපි ළඟ තියෙනවා. ඒවා බෙදාගත්තේ ප්‍රධාන ආයතනත් එක්ක විතරයි.
නමුත් මේ ව්‍යාපෘතියේන වෙබ් පිටුවක් නිර්මාණය කලා ඒ වෙබ් පිටුවෙන් අපේ මේ සියලුම දත්ත සියලුම අනාවැකි තමා ඉන්න ප්‍රදේශය පාදක කරගෙන තොරතුරු ලබාගන්න පුළුවන් මොකද මේක අපි හදලා තියෙන්නේ GIS තාක්ෂණය පාදක කරගෙනඅපි දැන් අද ඉඳලා ඒ වෙබ් පිටුව ජනතාවට විවෘත කරනවා
අනිත් එක තමයි මොබයිල් ඇප් එක , අපි දන්නවා දැන් ලෝකයේ හැම එක්කෙනා ම භාවිතා කරන ජංගම දුරකථනය හරහා තමන්ගේ ප්‍රදේශය තමන් ඉන්න තැන පාදක කරගෙන තොරතුරු ලබාගන්න පුළුවන්.මේ ව්‍යාපෘතීන් කරපු අනිත් වැදගත්ම කාර්යය වන්නේ අපේ දෙපාර්තමේන්තුවට අනාවැකි කියලා මේ mobile app නිර්මාණය කරලා දීම
ඒකත් අපි අද ඉඳලා ජනතාවට විවෘත කරනවා.. ( 2023 අප්‍රේල් පළමු සතියේ විවෘත කිරීමට සූදානම් කර ඇත )මේ වගේ විශාල කර්තව්‍යයක් ව්‍යාපෘතිය මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන සේවයක් වැඩිදියුණු කිරීමට ලබා දුන්න දායකත්වය ඉතා ඉහළයි
මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් කිහිපදෙනෙකුගේද අදහස් දැනගැනීමට අප පියවර ගතිමු . මේ ඔවුන් මෙම වැඩසටහන ගැන දැක්වූ අදහස්ය .
ආර් ඒ නිශාන්ත රණවීර
ඇටවීරගොල්ලෑව , අළුත් හල්මිල්ලෑව – මැදවච්චිය –
වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියෙන් මගේ වගා බිමේ වර්ශාමානයක් සවිකලා වැස්ස පිළිබද තොරතුරු අපි දැන් ඒකෙන් ලබා ගන්නවා .
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලැබෙන තොරතුරු මගේ දුරකථනයට එනවා. මම ඒවා පිළිබව ගමේ මිනිස්සු දැනුවත් කරනවා
මට වගා ලිදක් තියනවා. හෙට අනිද්දා වහිනවා කියලා දැනගත්තාම මම මගේ ලිදේ වතුර කළමනා කරණය කරගන්නවා.
ඒකේන් යන වියදම් ඉතිරි කරගන්න පුළුවන් වෙලා තියනවා.අපේ වගාවන් වැස්සට අහුවෙලා විනාශ වෙලා තියනවා. නමුත් දැන් එහෙම නෑ .. දත්ත ලැබෙන නිසා අපිට වෙලාවට අස්වැන්න නෙළලා වගාව බේරගන්න පුළුවන් වෙලා තියනවා
පීටර් මෙතියමේලා
සින්නකුච්චිකුලම , මන්නාරම-
කිසිම කාලගුණ අනාවැකියක් නොමැතිව වගා කල අපි හැමදාම වගාවෙන් පාඩු ලැබුවා. නමුත් වැව්ගම් පුබුදුව ඇවිත් අපිට කාළගුණ හා කෘෂි කාගගුණ අනාවැකි අපේ පෝන් එකට වට්ඇප් මගින් දෙනවා. එි නිසා අපි දැන් දන්නා තව දවසකින් දෙකකින් අධික වැස්සක් එවන නම් අපි කාණූ කපලා සුදානම් වෙනා එ ුධික වතුර වගාබිමෙන් ඉවත් කරන්න. එකෙන් අපිට අපේ වගා බිමේ පෝෂණ කොටස් ඉතිරිකරගන්න පුළුවන්.
සාමාන්‍යෙයන් වියළි කාළගුණය එන්න කලින් අනාවැකිය එන නිසා මේ පැත්තේ ඉන්න ගොවියන වන අපට සැළසුම් කරලා තමන්ගේ වගාබිම හදාගන්න පුළුවන්.
විශේෂයෙන් ජීව වැට හදාගන්නවා. වියලි කාලගුණයත් එකක් එන වියලි වායු ධාරා කෙලින්ම මේ වගා බිමට එන එක මේ ජීව වැට නිසා වැලකෙනවා. ඒ වගේම ජීව වැටේ කොළ ටික කපලා වගාවට එකතු කරන නිසා හොද පොහොරකුත් ලැබෙනවා.
අපට කාලගුණ අනාවැකි ලැබෙන නිසා මුල් කාලයෙක් දැන් අතරත් ලොකු වෙනසක් තියනවා
මේ අත්දැකීම් මගින් තහවුරු වන්නේ නිවැරිදි කාළගුණ තොරතුරු හා අනාවැකි කලට වේලාවට පහසුවෙන් ප්‍රජාව වෙත සන්නිවේදනය වන්නේ නම් කාළගුණ විපරියාසයන් මගින් සිදුවිය හැකි බලපෑම අවම වීමෙන් ප්‍රජාව ගේ අනාගත සිහින මල්පල ගැන්වෙන බවයි.
පෙර අත්දැකීම් සහ හොඳම භාවිතයන් මත ගොඩනැගූනු වැව්ගම් පුබුදුවේ සංරචක හා බද්ධවෙමින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දේශගුණික අවදානමට ලක්විය හැකි ගොවිජනතාව සහ රටේ සමසථ ජනතාව සඳහා කාලගුණය උපදේශන බෙදා හැරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සදහා රටේ ප්‍රශස්ථ ආයතනයක් ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිදුකරන මෙහෙවර කාළගුණ විද්‍යා ක්ෂත්‍රෙය් හැරවුම් ලක්ෂයක්ම වනු නිසැකය.
සටහන – පැතුම් වික්‍රමරත්න ([email protected])