මෙරට සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට සිය සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය සීමා කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමරිකානු ඩොලර් පහලොස්දාහේ සිට ඩොලර් දසදහස දක්වා එම විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය අඩු කර ඇති බවයි.
ඒ අනුව ඊට වැඩි විදෙස් මුදල් විදේශ ව්‍යාපාර මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍ර ලාභී වාණිජ බැංකුවකට විකිණීම සිදු කළ යුතු වනවා. ඒ සඳහා ඉකුත් 16වන දින සිට වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබා දෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකව සඳහන් කළේ.
පොදු සමා කාලය අවසානයේදී මෙම නියමය උල්ලංඝණය කරමින් තමා සංතකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව විදේශ විනිමය පනතේ විධිවිධාන අනුව පියවර ගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකු වැඩිදුරටත් සඳහන් කළා.