තුර්කියේ ගිනිකොනදිග ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 8000 ඉක්මවා තිබෙනවා. ඉන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මැග්නටියුට් ඒකක 7 යි 8 ක ප්‍රභලත්වයෙන් සිදුවූ පළමු භූ කම්පනයෙන් පසු සියයකට අධික පසු කම්පන ප්‍රමාණයක් එම කලාපය තුළ සිදුව ඇති අතර ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ලවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
තුර්කියේ ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 12,000 කට අධික පිරිසක් එක්ව සිටින අතර 9,000 ක පමණ හමුදා භට පිරිසක්ද එම මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.
.මේ අතර රටවල් 70 කින් පමණ ගලවා ගැනීමේ කණ්ඩායම්, උපකරණ සහ ආධාර විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙත දැනටමත් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.