නිරිත දිග මෝසම සක්‍රීය වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් අද (01) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත්) වැසි තත්ත්වයේ වැඩි වීමක් හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවලත් බස්නාහිර හා දකුණු පළාත්වලත් සුළගේ වෙිගය වැඩිවීමක් බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.