මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසකට හොරෙන් ඇතුළු වූ පුද්ගලයකු දැකීමෙන් බියට පත්වූ එහි නිදා සිටි කාන්තාවගේ කෑගැසීම නිසා ඉන් බිමට පැන තිබූ සැකකරු ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට හසුවී පොලීසියට ද භාරදීමෙන් පසුව අද උදෑසන මියගොස් තිබේ.
මියගොස් තිබුණේ 26 හැවිරිදි ජානක ගෝමස් නමැති එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි.
බතට්ටු 3කින් බිමට පැන්න සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබුණේ අද අලුයම ය.
පසුව ප්‍රදේශවාසීන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අමතා සැකකරු භාරදීමෙන් පසුව අද උදෑසන 8-9ත් අතර කාලයේදී මියගොස් තිබේ.
ඔහුගේ මරණය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි.