නිව් ඩයමන්ඩ් නෞකා හිමිකාරත්වය ශ්‍රී ලංකාවට මිලියන 440ක් ගෙවයි

Picture of අසංක

අසංක

නැඟෙනහිර මුහුදේ ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ආපදා තත්ත්වය සමනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට වැයවූ මුදල සම්පූර්ණයෙන්ම ගෙවන බවට නෞකා හිමිකරුවන් මෙරට නීති පාර්ශ්වකරුවන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව රුපියල් මිලියන 442 ක රජයේ පාර්ශවකරුවන්ගේ හිමිකම් වහාම සමථයකට පත් කිරීම සඳහා වන ගිවිසුම පිළිබඳව නීතිපතිවරයාට දැනුම් දී තිබේ.