නවතම පුවත්

පකිස්ථානයත් පැරදිලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකානුවෝ ඊයේ (6 වැනිදා) සමත්වූහ. සෙන්චූරියන්හිදී පැවැති තෙවැනි විස්සයි20 තරගය ලකුණු 27 කින් ජයගැනීමට පාකිස්තානය සමත්වුවද මුල් තරග 2 ජයගත් දකුණු අප්‍රිකාවට තරගාවලියේ ජය හිමිවිය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 168 ක් රැස්කිරිමට ඔවුන් සමත්වූහ.

ලකුණු 30 සීමාව පසුකිරීමට පාකිස්තාන පිතිකරුවන්ට අවස්ථාව නොලැබුණු අතර පිතිකරුවන් සිවුදෙනෙකු ලකුණු 20 සීමාව පසුකිරීමට සමත්වූහ.

බියුරන් හෙන්ඩ්‍ර්ක්ස් සිය ඕවර 4 ලකුණු 14 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ක්‍රිස් මොරිස් කඩුලු 2 ක් දවාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවන්ට සිය ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 141 ක් පමණි.

වැඩිම ලකුණු ලාභියාවූ ක්‍රිස් මොරිස් පන්දු 29 කදී නොදැවී ලකුණු 55 ක් රැස්කිරීමට සමත්වුවද දකුණු අප්‍රිකානුවන් පරාජයෙන් ගලවා ගැනීමට ඔහු අපොහොසත් විය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සිය ඉනිමට එක්කර ගැනීමට ක්‍රිස් මොරිස් සමත්විය.

රසී වැන් ඩසන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් පන්දු 35 කදී ලකුණු 41 ක් රැස්කරමින් සාර්ථක පිතිහරඹයක නිරතවුවද සෙසු පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් දකුණු අප්‍රිකානුවන්ට පරාජය හිමිවිය.

මොහොමඞ් අමීර් කඩුලු 3 ක් ද ශදාබ් ඛාන් සහ ෆහීම් අෂ්රාෆ් කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

පාකිස්තානය – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 168
(බාබර් අසාම් 23, මොහොමඞ් රිස්වාන් 26, අසීෆ් අලී 25, ශදාබ් ඛාන් නොදැවී 22, බියුරන් හෙන්ඩ්‍ර්ක්ස්14/4, ක්‍රිස් මොරිස් 27/2)

දකුණු අප්‍රිකාව – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 141
(රසී වැන් ඩසන් 41, ක්‍රිස් මොරිස් නොදැවී 55, මොහොමඞ් අමීර් 27/3, ශදාබ් ඛාන් 34/2, ෆහීම් අෂ්රාෆ් 38/2)

image-18
සියලු මුදල් ගනුදෙනු සඳහා QR කේත!
Chinese-tourists
යුද්ධයෙන් පසු මෙරට වැඩිම සංචාරක පැමිණී‍මේ වාර්තාව අභියස
colombo-port-file-1024x704
ලොව හොඳම වරාය බවට කොළඹ වරාය පත්වෙයි
image-17
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණියගේ ප්‍රධානත්වයෙන් ‘ජාත්‍යන්තර සමුපකාර දිනය’ සැමරෙයි!
interest rates 2024
පොලී අනුපාතවල වෙනසක්
image-16
ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයේ රැකියා වරම්
Exports Increasing Meaning Business Graph And Financial
අපනයන ආදායම ඩොලර් බිලියනය පනී !
image-15
"නිල් තිර මරණය" (Blue Screen Death) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න !
WhatsApp-Image-2024-07-18-at-15.49
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්….
image-14
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තුන්ගුණයකින් ඉහළට!