ප්‍රථම වතාවට සුළු හා මධ්‍ය ව්‍යාපාරිකයින් ජාලගත කෙරේ

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුළත් දත්ත ඩිජිටල් දත්ත ගබඩාවක් ස්ථාපනය කර තිබේ.

එය සිදුකරන ලද්දේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසිනි.

මෙමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය ජාලයක් පිහිටුවිය හැකි වනු ඇත.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂ එකහමාරක් පමණ ජාතික ව්‍යවසාවසංවර්ධන අධිකාරිය සමග කටයුතු කරනු ලබයි.

ව්‍යාපාරික තොරතුරු හුවමාරුව, වෙළෙදපොල තොරතුරු ලබාගැනීම, බැංකු කටයුතු පහසු කරගැනීම ආදිය මෙමගින් අරමුණු කෙරේ.

මෙම දත්ත ගබඩාව සැකසීම සමගාමීව සංවර්ධන නිලධාරීන් 250කට ටැබ් යන්ත්‍ර ලබාදෙන ‌අතර මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි.

ඉෂාර රත්නකාර