පාකිස්තානයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

Picture of අසංක

අසංක

පකිස්ථානයේ ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය අද වාර්තා විය.

වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා සවුදි අරාබියේ වන්දනාවේ ගොස් සිට මාර්තු මස 9 වන දින පකිස්ථානයට පැමිණ ඇති බව වාර්තාවේ .

පකිස්ථානයේ මේ වනවිට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 750කි.

මෙම මරණය පිලිබඳ එරට මාධ්‍ය අද වාර්තා කර තිබුණ ද ඔහු මරණයට පත්වූ දිනය පිළිබඳව නිශ්චිතව තොරතුරු අනාවරණය කර නොමැත.