කොළඹ කොටුවේ සිට පොලොන්නරුව දක්වා නව නගරාන්තර දුම්රියක් හෙට සිට හඳුන්වා දීමට ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා. “පුලථිසි නගරාන්තර ශීඝ්රගාමී” දුම්රිය ලෙස මෙම දුම්රිය හඳුන්වනු ලබනවා.
මෙම දුම්රිය කොළඹ කොටුවෙන් සවස 03:10 ට පිටත්වීමට නියමිත අතර මුළු ගමන සඳහා පැය 6 කට වඩා අඩු කාලයක් ගතවන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
කොළඹ සිට පොළොන්නරුවට කි.මි. 230ක පමණ දුර ප්රමාණයක් ඇත.