බංගලාදේශය සතියකට අගුළුදමයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සතියක කාලයක් සඳහා රට වසා තැබීමට(Lockdown) බංග්ලාදේශ රජය තීරණය කර ඇත.

කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ වාර්තා වීම ඉහළ යාමත් සමග එරට රජය මෙම තීරණය ගෙන ඇත …

මේ වනවිට එරට කොරෝනා මරණ ගණන 9,155 ක් දක්වා ඉහළ ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එහි කොරෝනා ආසාදිතයින් ලක්ෂ 06 ද ඉක්මවා ඇති බවය.

ඒ අනුව, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සතියක කාලයක් බංග්ලාදේශය වසා තැබේ.

නමුත් බංග්ලාදේශ රජය නිවේදනය කර ඇත්තේ, එම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බවයි.