බන්ධනාගාරයේ නත්තල්

Picture of Roshan

Roshan

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ලබන කිතුනු භක්තික නිලධාරීන් හා සමස්ත ශ්‍රී ලංකා කිතුනු භක්තිකයන්ගේ නත්තල් සැමරුම වෙනුවෙන් බන්ධනාගාර කොමසාරිස් (සැපහුම්) චන්දන ඒකනායක මහතාගේ සංකල්පයකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ උපදෙස්මත නත්තල් කැරොල් ගීත උත්සවයක් බන්ධනාගාර මූලස්ථාන නිලධාරීන් විසින් පසුගියදා බන්ධනාගාර මූලස්ථාන පරිශ්‍රයෙහි දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.සී.ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මූලස්ථාන පරිශ්‍රයෙහි දී පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් (පාලන) තුෂාර උපුල්දෙනිය මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) සුමිත් රංජන් මහතා, බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) ශාන්ත ප්‍රනාන්දු මහතා, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජී.චන්ද්‍රපාල මහතා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) කාංචනා මහතන්තිල මෙනවිය සහ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) ලසන්ත ගුණරත්න මහතා ඇතුළු බන්ධනාගාර මූලස්ථානයෙහි සේවයකරනු ලබන සියළුම නිලධාරීන් සහභාගී වන ලදී.