බලංගොඩ කඩයක ගින්නක්- පියා සහ දියණියක මරුට

Picture of අසංක

අසංක

 

දම්පත් රණසිංහ

බලංගොඩ ගල්ගොඩ හන්දියේ රුක්කත්තන මාර්ගයේ තිබූ වෙළඳසැලක ඇතිවූ හදිසි ගින්නකින් පියා සහ දියණියක මිය ගොස් තිබේ.

එම වෙළෙඳ සැල තුළ කොටසක එකම පවුලේ මව පියා දියණිය සහ පුතා පදිංචිව සිට ඇත.

මව සහ පුතා ගින්නෙන් දිවි බේරාගෙන ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ දී පියා සහ දියණිය මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ පනස් හැවිරිදි පියා සහ දහනව හැවිරිදි දියණියයි.

ගින්නට හේතුව සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.