බෙහෙත් නැතිනම් , කල යුතු දේ මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඹෟෂධ සපයා ගැනිමේ ගැටලුවක් වෙතොත් ඒ සඳහා සහය වීමට සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් 1999 සුව සැරිය දුරකතන මාර්ගය ඔස්සේ පහසුකම් සපයා ඇති සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ , යම් ඹෟෂධ වර්ගයක් කිසියම් රෝගියෙකුට සොයා ගැනීමට නොහැකි නම් 1999 දුරකතන අංකය ඇමතිය හැකි බවයි.

ඉන් අනතුරුව එම රෝගියාට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඇති ස්ථාන මෙන්ම ඒවා පහසුවෙන් ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අදාළ දුරකථන අංකය මගින් උපදෙස් ලබාදෙන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව සම්බන්ධීකරණය කරනු ලබන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසිනි.