මාළු කන්න බයවෙන්න එපා -නාරා සහතික වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මේ දිනවල මත්ස්‍ය පරිභෝජනය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බව නාරා ආයතනය විසින් දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ නාරා ආයතනයේ මූලික වාර්තාවන්ට අනුව මත්ස්‍ය පරිභෝජනයේ කිසිදු ගැටලුවක් නොමැති බවය.

ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය සහ එහි තිබූ වෙනත් අපද්‍රව්‍ය මුහුදට එකතුවීමත් සමග මත්ස්‍ය පරිභෝජනය නුසුදුසු බවට ජනතාව තුළ සැකයක් මතුව තිබේ.

ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ඊයේ (7) සාකච්ඡාවක් ද පැවැත්විය.